සුරංගනාවෝ වසන් වුණාදෝ - අසංක ප්‍රියමන්ත පීරිස් | Suranganawo wasan wunado - Asanka Priyamantha Peiris - sinhala lyrics
සුරංගනාවෝ වසන් වුණාදෝ //
පෙම මිය ගිය දවසේ
වෙසතුරු කවිය ඇසේ
සුරංගනාවෝ වසන් වුණාදෝ
රෝස හීනෙන් මිදී
ප්‍රේමයෙන් හිත රිදී //
වංකගිරියේ මංමුලාවේ
ආදරේ පින් නැති //
සුරංගනාවෝ වසන් වුණාදෝ
වසන්තේ මල් පිපී
ආයෙමත් එන්නැතී //
තනි වුණාදෝ හුදකලාවේ
ආදරේ පින් නැති //
සුරංගනාවෝ වසන් වුණාදෝ //
පෙම මිය ගිය දවසේ
වෙසතුරු කවිය ඇසේ
සුරංගනාවෝ වසන් වුණාදෝ
ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ධර්මරත්න පෙරේරා
වීඩියෝව ගත්තෙ මෙතනින් - shower
දීර්ඝ කාලයක් ඉඳන් බ්ලොග් පාඨකයාට නිහඬ සේවයක් ගී පැදුර ඉටුකරයි.My heartiest salute!!!!!!!!!
ReplyDelete