හන්තාන දෙසින් එන - කරුණාරත්න දිවුල්ගනේ | Hanthana Desin Ena - Karunarathne Diwulgane - sinhala lyrics


හන්තාන දෙසින් එන මෘදු සීත සුළං රැළි..
ඔබ තාම හොදින් හදුනනවානම්..
මේ පහන ඔබේ සුරතින් දැල්වූ..
මං බොහොම ප්‍ර‍වේසම් කර ගන්නම්...//

සංසාර පුරුද්දට දෝ මන්දා
ගංඟාව ශෝකයෙන් වැළපෙනවා...//
මම තාම මහාවැලි ගංඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා..

තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා...//
මහ සෙනඟ අතර නුඹ කොතැනකහෝ
එහි හිදිනු ඇතැයි නිකමට සිතුනා..

හන්තාන දෙසින් එන...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
සංගීතය : විශාරද ගුණදාස කපුගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Lakmal Jayasinghe


Comments

  1. සිතන්නට යමක් ඇති ගීත වැඩි වැඩියෙන් පලකිරීමට
    ශක්තිය ධෛර්‍ය ලැබේවා ගී පැදුරට.

    ReplyDelete
  2. සිතන්නට යමක් ඇති ගීත වැඩි වැඩියෙන් පලකිරීමට
    ශක්තිය ධෛර්‍ය ලැබේවා ගී පැදුරට.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...