මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ - මිල්ටන් මල්ලවාරච්චි ‍| Malak wage oba lassanai lande - Milton Mallawarachchi - sinhala lyrics


මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

ඔබ හින්දයි මා ජීවත් වුණේ
පෙම හින්දයි මා හෙම්බත් වුණේ
හිත කැඩිලා කැබලි වෙලා
කසල ගොඩේ කොන් වීලා

මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

එනතුරු මා මග බලමින් සිටිමි
නිරතුරු මා දින ගනිමින් හිඳිමි
හඬනු එපා තැවෙනු එපා
රෑ බෝ වී එන්න එපා

මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොලක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - රූකාන්ත ගුණතිලක
ගී පද - රූකාන්ත ගුණතිලක



වීඩියෝව ගත්තෙ මෙතනින් - LA Music

Comments

  1. එලිවැටක් නැති කවිය
    ගස්සවයි කවි හිතම
    අනුප්‍රාසයක් තව කොයිඩ
    ඇද උන අකුරු පෙලියම
    දැන් ඇත්තෙ හාසයක් පමනමය

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...