ඇසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණ මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ආදරේට ලොව සීමා නොහැඟෙයි
පොළොවේ සිටි මා ඔබ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුණා දුන්නා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ඇසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා
ගායනය - අජිත් බණ්ඩාර
තනුව - මහින්ද බණ්ඩාර
පද - බන්දුල නානායක්කාරවසම්
වීඩියෝව ගත්තෙ මෙතනින් - madhushankarox
සඳ උතුරා ගංගාවේ සින්දුවෙ original music එක නැද්ද... ඔක්කොම තියෙන්නෙ ඩ්‍රම් බීට් එකක් දාල හයියෙට් එකකින් චිර්..චිස්..චිර්..චිස් සද්දෙයි add කරපු එකනෙ. ඒ කෙන් ඒ සින්දුවෙ feeling එක මරනව...හරියට නිකං හවස ගඟේ කැඩිච්චි හම්පඩ මෝටර් බෝට්ටුවකිං යනව වගේ. මුං හිතං ඉන්නෙ සින්දුවට ඩුම්..ඩුම්.. ඩ්‍රම් බීට් එකකුයි හචිස්...හචිස්.... හයියෙට් සද්දෙයි... දුනක නකට දුනක නකට ඩිෂ්ට ඩිඩිෂ් කියල ඔක්ටපෑඩ් එකයි add කොලාම පට්ටයි කියල. සිංඳු කාබාසිනියා කරන ගොං හැත්ත. ඒව අහනකොට මුංව මරං කන්න හිතෙන්නෙ. යකො you tube එකේ ඔක්කොම තියෙන්නෙ ඒවනෙ. නිකං ආසාවට අහන්න දැං original සිංඳු නෑනෙ.. අනාගතේට අබ සරනයි..
ReplyDeleteමෙන්න මෙතන තියෙනවා
Deletehttps://www.youtube.com/watch?v=TFRoB91pE2k
බොහොම ස්තූතියි.
ReplyDeleteඒත් මේකත් remake එකක්. ඩ්‍රම් බීට් පස්සෙ add කරල තියෙන්නෙ. මම අවුරුද්දකට විතර කලින් ඇහුව අවාසනාවකට මට කරල තියාගන්න බැරි උනා. ඒක මෙන්න මේ වගේ. ඒකෙ තාල තරංග තබ්ලයි ක්ලැපර්සුයි විතරයි.
https://www.youtube.com/watch?v=_NH_sVL8DO8