හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
ප්‍රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ පේ‍්‍රමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ //
ගායනය - එච්. ආර්. ජෝතිපාල
සංගීතය - මොහොමඩ් සාලි
ගී පද - ධර්මසිරි ගමගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMP3
ඔබේ අනගි බ්ලොගය නිතර බලමි. මේ දායකත්වය ඉතා අගෙයි. මෙවන් ගීමිණිවල පදරචකයා සහ සංගීත නිර්මාපකයා ද මේ සමගම පල කල හැකි නම් කෙතරම් වටිනවාද?
ReplyDeleteහැකි හැම වෙලාවකම ඒ විස්තර දාන්නයි උත්සාහය. සමහර වෙලාවකට මගහැරෙනවා. ගොඩක් වෙලාවකට ඒ අමතර තොරතුරු හොයාගන්න විධියක් නෑ. ගී පැදුරේ රසිකයන්ගෙන් ලැබෙන උදව් අනුව ගොඩක් විට ඒ අඩුපාඩු හදාගන්නවා. ස්තූතියි ඔබේ අදහසට.
Deleteමේ ගීතය ලියල තියෙන්නෙ ධර්මසිරි ගමගේ මහතායි.
මේ ගීතය, කොයිතරම් ඉහළින් අසන්නන්ගේ සිත පැහැර ගත්තාදැයි කිවහොත්, මෙහි මුල් ගායනය වන, මහේන්ද්‍ර කපූර් විසින්, 'කහින් දින කහින් රාත්' නමැති හින්දි චිත්‍රපටියට (1968) ගැයූ ගීය පවා, අමතකව යනවා. එතරම්ම ජෝතිගේ ගායනය ඉහලයි. මෙන්න මුල් ගීතය.
ReplyDeletehttp://www.youtube.com/watch?v=PgaVEMKC1FE
මුල් ගීතය සම්බන්ධ කලාට බොහොම ස්තූතියි :-)
Delete