මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...
සිනාසුනේ ඇයි...
ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙලෙක තිබුනු හදක්
ගලක් කලේ ඇයි...
ගලක් කලේ ඇයි..
මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...
සිනාසුනේ ඇයි...
සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු වුනේ ඇයි...
සතුරු වුනේ ඇයි...
මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...
සිනාසුනේ ඇයි...
ගායනය - නන්දා මාලිනී
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - සුනිල් ආරියරත්න
Sinhala Song
"ඔබ නොපෙනූ අසරණ මට "
ReplyDelete"ඔබ නොපෙළු අසරණ මට " ලෙස නිවරැදි විය යුතුය
ස්තූති වේවා!
Delete