දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ //
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙලා
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු...
රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය වී
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු...
ගායනය - සනත් නන්දසිරි
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - ප්‍රනීත් අභයසුන්දර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hesandu Naveeja
පද - ප්‍රනීත් අභයසුන්දර
ReplyDeleteස්වර - ස්ටැන්ලි පීරිස්
එළ!
DeleteCorrections:
ReplyDeleteරන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවී
දෑතේ පැටලී කාමී අඳුරේ
රන් මෙවුල කියන්නේ මොකක්ද
Deleteහරි. හැදුවා. ස්තූති වේවා!
Deleteමෙම ගීතය ගායනා වෙන්නේ මොන වර්ශයේද.
ReplyDelete