මගෙ දෑසෙ කඳුළු - ටියුඩර් ජයශාන්ත | Maga dase kandulu thawa dasaka - Tudor Jayashantha


මගෙ දෑසෙ කඳුළු තව දෑසක
සතුටු කඳුළු වෙයි
අද ඇත ඇය මට හිමි නැති
මගුල් පෝරුවේ //

මට ඇය දුන් වේදනා
ඇගෙ දෑසින් තේරුණා //
මිලින කළේ ඇයි මැණිකේ
පරම චේතනා
පරම චේතනා

මගෙ දෑසෙ කඳුළු තව දෑසක...

නොඉඳුල් පෙම මා පැතූ
ඔබ කළ හැටි අන් සතූ //
මට දුන් දුක නොදෙනු මැනවි
ඔහුට මින් මතූ
ඔහුට මින් මතූ

මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //


ගායනය - ටියුඩර් ජයශාන්ත
සංගීතය - රංජිත් පෙරේරා
ගී පද - තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි හෝ ප්‍රියානන්ද විජේසුන්දර





මිල්ටන් පෙරේරා මහතාගේ අනුවාදය

Comments

  1. මේකත් අමතක කරන්න බැරි ගීතයක් නේ.කොහොමද ෆොටො එකක් හොයාගත්තේ. හරි වටිනවා.

    ReplyDelete
    Replies
    1. නම ගැහුවම දෙයියා දුන්න පින්තූරේ :-)

      Delete
  2. මේක පස්සේ මිල්ටන් පෙරේරාත් ගැහුවාත්. ඌ මෙච්චර සිරා නෑ. ඒත් ඒකත් පට්ට පුළුවන් නම් ඒකත් ලින්ක් කරපන් මචං. ඒකත් නියමෙට කියනවා.

    ReplyDelete
  3. තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි ගේ පලමු පදරචනාව. කැසට් පටයේ සදහන් වූයේ හේම ශ්‍රී ද අල්විස් නමින්. නමුත් නිවැරදි පද රචකයා තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි මහතාය.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...