අහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු උනා
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි
කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි
බැන්ද රන් දම් මගේ ගෙල වට
මුදා විසි කොට අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි //
ගායනය - නන්දා මාලිනී
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - සුමිත්‍රා රාහුබද්ධ
නදීක ගුරුගේ විසින් ගැයූ නියාමන අනුවාදය
නියාමන අනුවාදනයත් අපූරුවට රස වින්දෙමි.
ReplyDeleteඅත්දැකීමක් නොවුනත් ජීවිතයට ගොඩාක් සමීප ගීතයක් වීම ඇත්තටම අපූරුයි.
ReplyDelete