නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත්
ඔබ ළඟ නැවතිලා
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්
ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - අමරසේන කංකානම්ගේ
මගේ ප්රියතම සිංදුවක්... මුල්ම කොටසේ වචන පෙළ නම් උපරිමයි. මේකෙ පද ටික දෙපාරක් පේස්ට් වෙලා නේද? බලලා හරිගස්සන්න.
ReplyDeleteඅවුල හැදුව මතං! ස්තූති වේවා...
Deleteමගෙත් ප්රියතම ගීතයක්....80 දශකයෙ මුල් කාලෙ මුලින්ම ඇහුව දවසෙ ඉඳලම...බොහොම සොඳුරු මතකයකුත් තියනව මේ ගීය සම්බන්ධව....:)
ReplyDeleteමේකට විෂුවල් එකකුත් තිබුණා ස්වර්ණවාහිනියෙ අවුරුදු 15කට විතර කලින්. සුපිරිම ගීයක් නේන්නං!
Deleteරවී අය්යේ... ඒ කතාව එහෙනං ඔය පඳුරු තැලිල්ලක් අස්සෙවත් ඔබ්බවටකෝ...
Deleteපුදුම වටින බ්ලොග් එකක් නෙව...
ReplyDelete