මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ
සුදු හෙළ සාරිය
ඇඳලා හැඩ කොටැ
ඉඟ වට රැළි ලෙළවා
දිගු නිල් වරලස
පීරා නිසි ලෙස
මල් දවටා බැඳලා
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා
යන සුරතල් ලීලා
මිහිකත නලවාලා...
ඕලු නෙළුම් ඈ
නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන්
නෙලා ගනියි ඕ
හා හා කුමටද ඒ
බාල ලියේ ඔබගේ
සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතුදෝ
මිහිකත නලවාලා...
ගායනය, සංගීතය - සුනිල් සාන්ත
ගී පද - හියුබත් දිසානායක
ස්තුතියි මේ සටහනට
ReplyDeleteඔයාාය ගොඩක් පිං
ReplyDeleteමනෝජ්
harima lassanai.
ReplyDeletesthuthi karanne, sewwandi
harima lassanai.
ReplyDeletesthuthi karanne, sewwandi
This comment has been removed by the author.
ReplyDeleteThank you so much.
ReplyDeleteif possible please upload the lyrics of "Mal Pibideegena Enne" by Mr. Sunil Santha
ReplyDeleteමේ ගීතය යූ ටියුබ් හෝ වෙනත් තැනක තියෙනවනං ලිනික් එකක් දෙන්න පුළුවන්ද?
Delete