සැදී රන් අභරණින් - රිදී සළු පිලි දරා
නැගී රිය පෙරහරින් - පැතූ පෙම් ලොව දවා
මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබේ - මගේ දිවි ඇති තුරා
අදින් පසු සිත ඔබේ - අහිමි වන බව දනිම්..
යලිදු අප දිවි තුරා - නොයෙන බව යලි දනිම්..
නොයෙන බව යලි දනිම්...
සැදී රන් අභරණින්...
ඔබෙන් ලද සෙනෙහසේ - සුවය නිති විදින්නම්..
සසර මතු භවෙක හෝ - සුරත ඔබෙ පතන්නම්..
සුරත ඔබෙ පතන්නම්..
සැදී රන් අභරණින්...
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කුලරත්න ආරියවංශ
මම ආසා තවත් එක සිංදුවක්... බෝම ස්තූතියි රසිකයෝ පැදුරට ගෙනාවට...
ReplyDeleteමමත්....ස්තූතියි අදහසට සෝරෝ..!!!
DeleteLyrics - Kularathne Ariyawansa
DeleteMusic - Clarance Wijewardana
:-)
Delete❤️❤️❤️
ReplyDelete