ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..
පසුපසින් හඹා එන අතවර..
හැරදමා..යා නොහැක බෝදුර..
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා..
හැඟුම් අවදිව මැවේ කවිකම..
ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..
සෙනෙහසින් රැදී උන් නෙක දන..
පලා යයි නොකියාම ඈතක..
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලංවේද තනියට..
ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..
ගායනය - නන්දා මාලනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බණ්ඩාර ඇහැලියගොඩ
“ගජමන් නෝනා“ ටෙලිනාට්‍ය තේමා ගීතය.
වීඩියෝව - Sanjeewani Dahanayake
මම ආසම ගීතයක්
ReplyDelete*හැගුම් අවදිව මැවේ කවිකම
ReplyDelete*පසුපසින් හඹා එන අතවර
*සෙනෙහසින් රැදී උන් නෙක දන
a lovely song
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහදවතට දැනුන ගීතයක්.
Deleteසෙනෙහසින් රැදී උන් එක දන..
ReplyDeleteඑක නෙවෙයි නෙක .
වැරදි පෙන්වා දුන් හැමෝටම් ස්තූති වේවා!
ReplyDeleteදුක සහ සතුට පිරි අාදරය හරිම රසවත්
ReplyDelete