සඳ සීත ගේන - අමල් පෙරේරා | Sanda seetha gena - Amal Perera


සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ //

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ


මලක රේණු පෙති විදහා පිපෙණ දිනේදී
බඹරු රෑන මළ සොයලා ඉගිල ගියාවේ //
පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා
බඹරු රෑන මල සිඳලා පලා ගියේ නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ


සයුර සේම රැළි ගලනා පැතුම් පිරේවි
අහස සේම මල් සිහිනේ පැතිරී යාවි //
සීත රෑක තරු බොඳවී නුවරු ඈත ඇත තනිවී
තරුණ දවස නැත නිම වී ඉඳිමු සිනාසී

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ //

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ


ගායනය - අමල් පෙරේරා
තනුව - ග්‍රේෂන් ආනන්ද
පද - උපාලි බණ්ඩාර වීරසේකර


වීඩියෝව ගත්තෙ මෙතනින් - Amal Perera

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...