හිතුවක්කාරී නුඹ නම් සොඳුර - අතුල සිල්වා | Hithuwakkari numba nam sondura - Athula Silva


හිතුවක්කාරී නුඹ නම් සොඳුර
හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරී මේ දීගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ
බලහත්කාරෙන් ඉන්නට බැහැ අනෙ වාවාගෙන වේගේ

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
මෝසම් සුළගක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර//
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර

හිතුවක්කාරී නුඹ නම් සොඳුර....

සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි
නූල ගැස්සුනොත් හදිසියෙන් හරි ඒ ලස්සන ඉවරයි//
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි...

හිතුවක්කාරී නුඹ නම් සොඳුර....


ගායනය - අතුල සිල්වා
සංගීතය - සිරිල් පෙරේරා
ගී පද - කැළුම් ශ්‍රිමාල්



Comments