වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..
ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු.. යොදුන් ගෙවා..
දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..
ගායනය, සංගීතය - එඩ්වඩ් ජයකොඩි
ගී පද - කපිල කුමාර කාලිංග
එඩ්වඩ්ගෙ ගී අතර ලස්සනම ගීයක්
ReplyDeleteහ්ම්.....ඒක ඇත්ත දයානන්ද අයියෙ. බොහොම ස්තූතියි සටහනට !
ReplyDeleteලවැලි තලාවක විපුල කුසුම් මත ලවැලි තලාවක විසුල කුසුම් මත යනුවෙන් වෙනස් විය යුතු නොවේද? අළුතින් , අලුතින් විය යුතුය , නොදනිමු අප එය නොව නොදනිමු එය අප
ReplyDeleteඑනමුදු මෙම උත්සහය අගය කරමි.
Deleteඋඹ හරි බං. එහෙම තමා තියෙන්නෙ. තැංකිව් හොෙඳේ...
Delete