ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ
මාලිගා එපා වුණා
නෑසියන් එපා වුණා
ජීවිතේ මගේ ඔබේ වුණා
කාටවත් කියා නැතී
ආදරේ වදන් ඇසී
ජීවිතේ ඔබේ මගේ වුණා
බාල සන්දියේ එදා
ආදරෙන් හිනා වෙලා
කී කතා යලි අසා ඉමු
ජීවිතෙන් අපි යලි
වෙන් වෙනා වු යම් දිනේ
ඒ මගේ ද එක්වෙලා යමු
ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ
පද රචනය - සෝමපාල ලීලානන්ද
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය - රූකාන්ත ගුණතිලක
කාලෙකට පස්සෙ අවිත් තියෙන්නෙ..හොඩ නෙද්ද මේ සින්දු ඔතනින්ම අහන්නත් වැඩ පිලි වෙලක් ඇති කලොත්..
ReplyDelete