මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා ...//
බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා...//
ඒ මැද ඔඛෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි...
සුවඳ උලා...
මා නෙත් කැදැල්ලේ....
අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා...//
ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ...
පහන නිවා...
මා නෙත් කැදැල්ලේ....
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - වික්ටර් රත්නායක
Lyrics - Karunarathna Abysekara
ReplyDeleteMusic - Victor Rathnayaka
බොහොම ස්තූතියි රොෂාන්...
Delete1. සුවඳ උරා නෙවෙයි සුවඳ උලා = සුවඳ ගාලා
Delete2. මින් මතු නෙවෙයි ඉන් මතු = මේ කුළක කලතා නිවා අරුණ පිනි බින්දුවයි මකරන්දයි පෙව්වට පස්සෙ..
ආයෙමත් ස්තූතියි. නිවැරදි කලා :-)
Deleteඔබ පළ කරන්න අදහස් කරන ගීයක සංගීතය පද රචනාව කාගෙද දන්නෙ නැත්තම් මට මේල් එකක් දාල අහන්න.
ReplyDeleteනියමයි... මම ඔබේ ගුගල් ප්ලස් එකවුන්ට් එක ඇඩ් කරගත්තා. :-)
Delete