කොහේ හෝ දැන් - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | Kohe Ho Dan - Deepika Priyadarshani Peiris - sinhala lyrics
කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්..
මගේ විජිතේ අහිමි වී මට මං..
ලැබූ දිනුමක් අත්ද ඔබ මා..
මැවූ සුන්දර සිහින මතකය මිසක්..
සිහින රැකගෙන දිවආවේ ආදරෙන්..
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්..
අපට අප නැති හෙට දිනක දුක අරන්..
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්..
කොහේ හෝ...//
සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්..
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්..
සුභ අසුභපිරි සිහින විද තුන් සිතින්..
සදා හමුවෙමු මගතොටේ මදහසින්...
කොහේ හෝ...//
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - රවි සිරිවර්ධන
වීඩියෝව - Darshani Abeysinghe

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...