අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ...
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ //
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ
කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ //
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ
ගායනය - ග්‍රේෂන් ආනන්ද
ගී පද - සෝමපාල ලීලානන්ද
සංගීතය - සෝමපාල රත්නායක

මේ පද ටික මේ විදියට හැදෙන්න ඔන නේද?
ReplyDeleteහිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඩුවා
පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඩුවා
ඉන්නා තැනක හිද පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා
මේ සින්දුවෙ ග්‍රේෂන් කියන ඒවම එකකට එකක් වෙනස් මචන්... මේ තියෙන්නෙ චිත්රපටියෙ කියන එක.. ඒක සෑහෙන්න වෙනස්...
Deletehttp://www.youtube.com/watch?v=infas2IJNuo