මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා //
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ
මා සනසා මා නළවා...
රැයක් නිදිමරා සරාගී ලවන් වෙහෙසිලා
යලිත් ඒන තුරා සුරංගී හිඳිමි මග බලා //
හෙටත් සඳ උදා වී රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී සුරඟ මා සොයාවී
මා සනසා මා නළවා...
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : පුණ්‍යසිරි මහවත්ත
ගී පද : කේ ඩී කේ ධර්මවර්ධන
අවශ්‍ය ගීතයක් තිබුනොත් මුලින්ම මතක්වෙන ගී පැදුරට ජය වේවා !
ReplyDeleteමේවා පොඩ්ඩක් ආයේ බලන්න.
හදේ ලැගුම් "අයැදියි" කියලා වෙන්න ඕනි
"ඉඟිමරා" "රැඟුම්" "හැඟුම්" ඕවනම් පොඩි පොඩි ඒවා.
සඳුන් සිහිල යාවී නෙවෙයි සිහිල "යාවේ"
"සුරංගී" තනි වචනයක් නේද ? මටත් ශුවර් නෑ.
ඔබට සදා ජය !
ස්තූතියි මචං! මෙහෙම අවුල් වුණ තැන් පෙන්නල දෙන එක ලොකු දෙයක් අපට :-)
Delete