බමුණා වුණත් - නන්දා මාලිනී | Bamuna Unath - Nanda Malini - sinhala lyrics


බමුණා වුණත් දුඳනෙකු නම් බිම හොවනූ...
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...
කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ...

රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ...
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ...
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ...

ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ගුණදාස කපුගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments

  1. මේක මම හොයමින් හිටපු පදවැලක්. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මාර ලස්සන පද වැල තොටලඟ කුසුම්පාලට හමු උනා නම් නේද?

      Delete
    2. හෑ! මේක බයිලා වලට උනත් නරක නැහැ නේද? ඉතින් බයිලා කියන්නෙත් නරක දෙයක්ය? සින්දුවේ ඇති සෘජු ඉදිරිපත් කිරීම එහෙම කරන්න හේතුව මම හිතන්නේ මේ ගීත 'පවන' සමුජ්ජයේ සාමාජිකයෙක් නිසා වෙන්න ඇති.

      ගීය කියන දේ කුමන ආකාරයක්, හැඩයක් ගතයුතුද කියන එක අපි කොහොමද කියන්නේ? ඒක නිර්මාණකරණයේධි කරන අසාධාරණයක්

      Delete
    3. ගීතය බිහි වන්නේ කවියෙන්. එහෙත් මව් මරා උපන් කුමරා කෙහෙල් මල........ සේ කවිය මරා දමා නොවේ. කවිය ස්ව්කීය පදනම මත පවතිද්දීය.
      නිසඳැස බිහිවන්නේ එලිවැට සහිත කවිය තුල කවියාගේ භාවය මිය යෑම හෝ අංගවිකලත්වය පත්වීම සිදුවීමෙන් වැලකීමටය.
      කවිකොලය බිහිවන්නේ එතෙක් ප්‍රශස්ථ කාව්ය නො එසේනම් සංදෙශ කාව්ය වලට සීමාව තිබූ කවීත්වය සාමානය ජනසමාජය තුලට එදිනෙදා සිදුවන සිදුවීමක් හෝ අදහසක් ගෙන යාමටය. එතෙක් පැල් කවි පාරු කවි වැනි දේ පමනක් සංසරණය වෙමින් පැවති ජන සමාජය තුලට "ඇඩ්ලින් විතාරණ" සිද්ධිය වැනි පුවත් ගෙන යන්නේ කවිය කොලය තුලින්ය.
      ගීතය ඉන් එහා ගිය භාව ප්‍රකාශණයකි.
      මිනිසුන් චිත්‍ර රසවිඳින්නේ නැත කියා මොනාලිසා චිත්‍රය කාටුන් එකක් කල නොහැක. බුදු ගුණ ගීත විනා බුදු ගුණ බයිලා ඇති නොවන්නට හේතු වන්නට ඇත්තේ මෙනිසා විය යුතුය.
      එසේ එක් එක් ප්‍රස්තූතයට අදාල කලාමාධ්යයක් පවතී. සමහර විටෙක කලා හරඹයන් කරණ්නවුන් වෙනස් වෙනස් මාධ්යයන් ඊට නොගැලපෙන ප්‍රස්ථූතයන් ඉදිරිපත් කිරීමට සාර්ථකව යොදාගත් අවස්ථා නැතිවා නොවේ. ඒ ඔහුගේ හෝ ඇයගේ හැකියාව මත තීන්දුවන කාරණයක් සේ මා ලඝුකොට දක්වමි. භාත්කණ්ඩේ සංගීත පරිශ්‍රයෙන් බිහිවුනු සුනිල් ශාන්තයන් මෙරටට පැමින බටහිර මියැසියේ සියුම් තැන් ස්පර්ශ කරමින් අළුත් සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමට යන්ත දැරීම මෙහිදී මාහට ගෙන හැර දැක්විය හැක!

      ඒ කෙසේ වෙතත් ගීතය බිහිවන්නේ පැල් කවිය, කවිකොලය පසුකර කරයන හැඟීමක් ප්‍රකාශ කිරීමට විනා නැවත් ආපසු හැරී අතීතයට යන්නට නොවේ.
      හිතන්න මෙය ගීතයක් උනා නම් මෙම අදසස කවිකොලයකට නැගීමට කිසිවෙකුට උවමනා වුනි නම් ඒ ලියැවෙන්නේත් මේ පද වැලම නොවේද?
      බලන්න රත්නශ්‍රී වෙල්ලස්සෙ ගොවි උද්ඝෝෂනය "බිම්බරක් සෙනග ඇවිදින්" ගීතය තුල ගොඩ නගා තිබෙන අරුමය?

      කඹුරුපිටියෙ පොලිස් කාන්තාව කොටි පොලිසියේ කොල්ලකු සමග පැනගිය පුවත කවිකොලයකට ගැලපෙන සුපිරි පුවතක්.

      මේ බලන්න
      "සකල සිරින් පිරි සිරි ලංකාවේ කඹුරුපිටිය නම් ගමෙ සොබනා..." කියා ලියා පොලක් පොලක් ගානේ විකුනන්නට තිබුනු පුවත ගීතය තුල සංවරවී තිබෙන අයුරු!

      "සිංහල සිංදු කියන - නළලේ තිලක තියන් කිරිල්ලී....
      දුකින් හදවතක් අරගෙන ගිණිගත් තල අරණට ආවාදෝ ඉගිල්ලී...//"

      Delete
    4. ඉහි ඉහි ඉහි ඉහි....
      මගේ කඩදාසි කොලේට කවිකොලේ කියලා අපහාස කිරීම හෙලා දකිමි. ඔය සින්දු ලියන්න තරම් පරිචයක් නෑ තමයි. ඒ උනාට කවියක් දෙකක් විරිතක් තියාගෙන තලාගෙන ඉන්න අපිට ඔහොම කියනකොට මොනාද අප්පා හිතෙන්නේ...

      මොකක් උනත්, මාව නිරුත්තර උනා. ( උගත් පාඩම: මිට පස්සේ මේ තට්ටයා නොඑන අහක ගිහින් පොරටෝක් දීම යෙහෙකි.)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...