සොයා ආවා - රිද්ම වීරවර්ධන | Soya awa - Ridma Weerawardena - sinhala lyrics


සදා කාලේ මා හදේ වීණා මවා පෑ සිනා
මගේ හීනේ මා සොයා ආවා පැතූ සේ එදා

කොයිද උපමා ලොවේ කිසිදා අසා නෑ මා
හදේ ඇඳුනා හිතේ රැඳුනා ඔබේ රුව මා


මගේ ගීතේ මා එදා කීවා හදේ පෑරෙණා
ඔබේ දෑසේ ගී පොතේ වූවා මගේ චේතනා

ඇයිද ගොළු වී බලා නොබලා සිනා පාලා
සොයා ආවා සොයා ආවා එදා මෙන් මා


දෑසෙ ලා සඳ රේඛා සිසිලේ නෑවේවා
මූණේ ගෑ ආලේපේ සොඳුරේ මා වේවා

ඉතිරේවා සැමදා සෙනේ මා පැතුවා හදින් සමාවී අසන්
අඳුරේ මා නොහෙලා ඉතින් සිනා පා ඉඳින් සදා මා ළඟින්


මගේ ගීතේ මා එදා කීවා හදේ පෑරෙණා
ඔබේ දෑසේ ගී පොතේ වූවා මගේ චේතනා

ඇයිද ගොළු වී බලා නොබලා සිනා පාලා
සොයා ආවා සොයා ආවා



ගායනය - රිද්ම වීරවර්ධන
සංගීතය - චරිත අත්තලගේ
ගී පද - චන්ද්‍රසේන තලංගම




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ridma Weerawardena

Comments

  1. After long time listen to a superb song
    Amazing to hear a local artist, bringing back authentic vibes to Sri Lankan music... spectacular music video !

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...