හෙට නාඩගමේ මං (නාඩගම් ගීය) - රිද්ම වීරවර්ධන | Heta nadagame man (Nadagam Geeya) - Ridma Weerawardane - sinhala lyrics


හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්

දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්
බලාහිඳින අඟනුන් ආලේ බඳියි රහසින්

පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි
පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි
කියා එද්දි ළඟ මං සත්තයි ආලේ බඳී අඟනුන්
කියා එද්දි ළඟ මං ආලේ බඳී අඟනුන්

හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්


ගායනය - රිද්ම වීරවර්ධන
සංගීතය - චරිත අතලගේ
ගී පද - චන්ද්‍රසේන තලංගම




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ridma Weerawardena


Comments

  1. Kalekin ahapu kanata mihiri sinduwak.me wage nirmana ada kale hadenawa aduine.ithin me wage thawa nirmana karanna suba pathanawa

    ReplyDelete
  2. hoda sinuwakk........... oyage sinduwala ft therumak tynwa.. we need you

    ReplyDelete
  3. අපූරුයි. ඒ අතරෙ මම හොයාගන්න උත්සාහ කරන ගීයක් තියෙනව. ඔබට හැකිවුනොත් පළකරන ලෙස ඉල්ලනව. - ඒ බුදු බව පතමින ලොබිනේ - මෙය මෑ වේ මා දුටු කොමල ලියා (මනමේ) ගීයට තනුවෙන් සමාන බව මා අසාත තිබෙනවා.

    ReplyDelete
  4. Is there another old song with same melody ?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...