අනන්තයට යනවාමයි - සේනක බටගොඩ | Ananthayata Yanawamai - Senaka Batagoda - sinhala lyrics


සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක


ගායනය, සංගීතය, ගී පද - සේනක බටගොඩ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Senaka Batagoda


Comments

  1. Ahapu hda sinduwak
    Thnq sinala lyrics walta

    ReplyDelete
  2. මේ මට ඔහු ගැන හොයා ගන්න පුළුවන් වුණු දේවල් සහ ගීත එකතුවක්

    ඔබගේ පොස්ට් තියන වීඩියෝ එක වැඩ කරන්නේ නැහැ, වෙලාවක් ලැබුනහම හදන්න.

    ReplyDelete
    Replies
    1. සේනක මහතාගෙ ගීත මොනෙටයිස් කර ඇති හැඩයි. ඒක හොඳයි.

      Delete
  3. ඔව් ඒක තව නිර්මාණ කරන්න ඔහුව උනන්දුකරාවි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...