විදුලි මිණි පහන් - ගුණදාස කපුගේ | Viduli mini pahan - Gunadasa Kapuge


විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ


එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ

සුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා


දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී


ගායනය - ගුණදාස කපුගේ
ගී පද - ලූෂන් බුලත්සිංහල.
සංගීතය - ගුණදාස කපුගේ




Comments

  1. 👌👌👌💖💖 සුපර් ඉස්තරම් 👍
    මේකෙ අලුත් ගීතය අහල තිබුනට
    මේ පැරණිම ගීතය ඇහුවේ අදමයි 💖
    ස්තූතී🙏👍👍

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...