තාරුකා නිවා - අජිත් බණ්ඩාර | Tharuka niwa - Ajith Bandara - sinhala lyrics


තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා


සෝක කල්පනා හිතේ තියා
ඉගිලී නොයා සැඟවිලා
නේක වේදනා සුළගේ විසිරිලා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
වෙන්වී නොයන්න දිව්‍යාංගනා


තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා


දෑස රිදවනා කඳුලැල් මකා
හසරැල්ල රන් තනිවෙලා
ප්‍රේම ගීතිකා කොඳුරා කියා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
තුරුලේ නිදන්න දිව්‍යාංගනා


තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍යාංගනා

නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා

තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියාද දිව්‍යාංගනා
නික්මී නොයා මහදේ දොර වසා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
ළං වී ඉඳින්න දිව්‍යාංගනා
හදේ රැඳෙන්න දිව්‍යාංගනා


ගායනය - අජිත් බණ්ඩාර
සංගීතය - කසුන් කල්හාර


Comments