සුරංගනාවී මගේ හදක් වගේ පායලා - රුවන් හෙට්ටිආරච්චි | Suranganavee Mage Hadak Wage Payala - Ruwan Hettiarachchi


සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියැවිලා...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...//

සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ පිපේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලදේ...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...

රෑ ගොම්මනේ - ගුලිවෙලා තනිවුනේ...
මේ ආදරේ විදගමූ සුන්දරී...

මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමි සඳා ප්‍රියේ...//
මේ තරම් - හීනයක් - නෑ ඉතින් - ලංවෙලා..
සත්තමයි - ආදරේ - තටු අරන් - ඉඟිලිලා...

රෑ ගොම්මනේ - ගුලිවෙලා තනිවෙමූ...
මේ ආදරේ විදගමූ සුන්දරී...

සුරංගනාවී මගේ...//

ගායනය : රුවන් හෙට්ටිආරච්චි
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලෙ
සංගීතය : රාජ්


Comments

  1. මාර ම සිංදුව............ හදවත ඇතුලටම වදිනවා මියුසික් තමයි ලස්සනම.........

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...