සෙනෙහස සුවඳයි - චන්දන ලියනආරච්චි | Senehasa Suwadai - Chandana Liyanaarachchi


සෙනෙහස සුවඳයි - පියුමක් වාගෙයි..
සිහිනය මිය යයි - ඔබ දුර ඈතයි..
මතකය සමරයි - හදවත වැලපෙයි..
කදුලක් අතරින් - සුසුමක් රිදවයි...

පව් කල හින්දද - පෙර සංසාරෙක..
විරහ කදුළු මැද - තනිවී දෙතැනක..//
උරුම වුනා දුක - අහිමි වුනා ඔබ..
එහෙත් දයාබර - හිතක් තියේ මට..

සෙනෙහස සුවඳයි...

සඳ දුර තනිවම - වැලපෙයි අප ගැන..
පන්හිද නිතරම - ලිව්වා ඔබ ගැන..//
කව් ගී ලිව්වට - එහි රස විදිනට..
ඔබ නෑ මා ලඟ - ගොස් දුර ඈතක...

සෙනෙහස සුවඳයි...

ගායනය - චන්දන ලියනආරච්චි
තනුව - ජෝර්ජ් සේනානායක
ගී පද - ලලිත් වසන්ත

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...