සමකෝණී ත්‍රිකෝණයකි - දයාරත්න රණතුංග | Samakoni Thrikonayaki - Dayarathne Ranathunga


සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...//
නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි...//
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි...//

සමකෝණී ත්‍රිකෝණයකි...

සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා...//
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා...//

සමකෝණී ත්‍රිකෝණයකි...

ගායනය - දයාරත්න රණතුංග
සංගීතය - දයාරත්න රණතුංග
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ


Comments