දකින විට පංසලක් - මාලනී බුලත්සිංහල | Dakina Vita Pansalak - Malani Bulathsinhala


දකින විට පංසලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වදිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා

ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක
කවුළුවෙන් අනන්තය සොයනවා...
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා...

දකින විට පංසලක්....

වාරු නැති මහළු වත නෙතේ ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා...
ලොවේ නැති දහසකුත් ගැටළු සිහියට නගා
අහසබිම ගැටලන්න හදනවා...

දකින විට පංසලක්...

ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : සුජීව කරුණාසේන
සංගීතය :

Comments

  1. liuwe kenek gana nam anukampa karanna.ahema karanna wenawa.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...