වියෝ ගී ගැයෙනා - නීලා වික්‍රමසිංහ | Wiyo gee gayena - Neela Wickramasinghe


වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

අතීතයේ මායා
රූ කැඩී බිඳී යාවී
අනාත වූ මා දෑසේ
කතා නිමා වේවී
මගේ කදුළු හංගා
මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා හදේ... //

අනාගතේ සිහිනේ
නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ
අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී
මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා හදේ... //



ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය - නිමල් මෙන්ඩිස්
ගී පද - සුනිල් ආරියරත්න


Comments