උක් දඬු දුන්නෙන් (අප්සරාවි) - චන්ද්‍රිකා සිරිවර්ධන | Uk dandu dunnen (Apsaravi) - Chandrika Siriwardena


උක් දඬු දුන්නෙන් උපන්නෙමි
මල් මල් උයනක වෙසෙන්නෙමි
රෑ සඳ ලෙස හිනැහෙන්නෙමි
මමයි අප්සරාවී අප්සරාවී අප්සරාවී

සුමධුර ගීත ගයාලා
ඔබටයි අමතන්නේ
ආදර මල් යහනේ
කවුරුද නැලවෙන්නේ

උක් දඩු දුන්නෙන් උපන්නෙමි...

මුදු පිය වදන් කියාලා
දෙසවන් පිනවන්නේ
මා හද මල් බඳුනේ
පෙම් මල හිනැහෙන්නේ

උක් දඩු දුන්නෙන් උපන්නෙමි...


ගායනය - චන්ද්‍රිකා සිරිවර්ධන
තනුව - සරත් දසනායක
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

Comments

  1. Replies
    1. නැතුව! මටත් වඩා මේකට කැමති අපේ මායිය. උන්දැමයි මේක ටයිප් කලෙත්!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...