ස්වර්ණ ප්‍රදීපාය මාන - ස්වර්ණලතා කවීශ්වර | Swarna pradeepaya mana - Swarnalatha Kaveeshwara


ස්වර්ණ ප්‍රදීපාය මාන
සූරිය විමනයි
මුළු ලොව තිලකාය මාන
සමනොළ සිරසයි
සූරිය විමනයි
සමනොළ සිරසයි
අහස් හිමේ සදා පිපෙන
මුණි පා පියුමයි

රැළින් රැළට රොද බැද යන
සමනළ සෙනගයි
මලින් මලේ රොනට උරා
ඉගිලෙන ගමනයි
සමනළ සෙනගයි
ඉගිලෙන ගමනයි
මුණි පා පියුමේ රොන් සුනු
සොයනා ගමනයි

ස්වර්ණ ප්‍රදීපාය මාන...

කුළුණුගුණ දොවා ගත් සිත
මුණි පා හෙවණේ
සදා අප හෙලූ දුකඳුරු
රැහැනින් මිදුනේ
මුණි පා හෙවනේ
හද සමහන් වේ
නිකෙලෙස් සිතුවිලි පිබිදී
සුවඳ දෙවන්නේ

ස්වර්ණ ප්‍රදීපාය මාන...


ගායනය - ස්වර්ණලතා කවීශ්වර


Comments

  1. සාදු සාදු සාදු 🤎🙏🏻🤎🙏🏻🤎

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...