නිවහල් සිතුවිලි සිතනා - ඩබ්. ඩී. අමරදේව | Niwahal sithuwili sithana - WD Amaradewa


නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි //

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි //


නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ //

පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි //

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ///



ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
ගී පද - ඩෝල්ටන් අල්විස්


Comments

  1. විශිෂ්ඨ ඝණයේ නිර්මාණයක්.

    ReplyDelete
  2. පදවැල අනර්ගයි තනුවත් විෂිශ්ටයි ගායනය අමරණීයයි. හෙළ රන් දෙරණේ පහල වූ අති විෂිශ්ට කලා යුගයක බිහිවූ වටිනා නිර්මාණයකි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...