මියුරු කල්පනා - වික්ටර් රත්නායක | Miyuru kalpana - Victor Rathnayaka

මියුරු කල්පනා
නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද
සිතත් හිනැහුනා
වරෙක නැලැවුනා
වරෙක ලතැවුනා
නුපුරුදු ගිණි දහසක් මැද
සිතක් මැලැවුනා
මියුරු කල්පනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි //
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්

මියුරු කල්පනා...

පිණි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි //
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්

මියුරු කල්පනා //



ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - සරත් දසනායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Comments

  1. සුමියුරුයි නියමයි.

    ReplyDelete
  2. https://youtu.be/8onjPeYF0kU මියුරු කල්පනා වීඩියො එක මෙන්න

    ReplyDelete
  3. අතිවිශිෂ්ට ගීතයක් වගෙම මම ආශම ගීතයක්, ප්‍රේමවන්තයෙකුගෙ මනෝභාවයන් හරි අපූරුවට විස්තර කෙරෙනව.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...