මෙවලම් මොකටද - චන්දන ලියනාරච්චි | Mewalam Mokatada - Chandana Liyanaarchchi


මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ

දෙදරා ගිය ආදරයක තහංචි බැමි පවුරූ
රෝස මලක සඟවාගෙන රොන්ගෙන යති බඹරූ
හඬන්න මට ඉඩ දුන්නට යළි යළි නෙත් කඳුලූ
කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරූ

මෙවලම් මොකටද මෙතරම්...

ඉකිබිඳිනා රෑ තුන්යම සිත්මල අඩ නින්දේ
සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ
නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ.

මෙවලම් මොකටද මෙතරම්...



ගායනය - චන්දන ලියනාරච්චි

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...