කඳුළු බිංදුව - සේනානායක වේරලියද්ද | Kandulu binduwa - Senanayaka Weraliyadda


මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව //

සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පළවා හැරිය දා මං
උන්හිටිය තැන් අහිමි වීමෙන්
උන්හිටිය තැන් අහිමි වීමෙන්
ම වෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බිංදුව

මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ හිඳ ජීවතුන් මැද
කොහේදෝ හිඳ ජීවතුන් මැද
ම වෙත පෙම් බැඳ පැමිණි සකි සඳ
කඳුළු බිංදුව

මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව //

ගායනය - සේනානායක වේරලියද්ද
තනුව - සේනානායක වේරලියද්ද
පද - නුවන් කුමාර කටුගම්පොල


Comments