හිනැහෙන්නේ මං (නිල් නයනියේ) - රනිදු ලංකාගේ | Hinahenne mang (Nil nayaniye) - Ranidu Lankage


හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ
අත ගන්න රැකගන්න
මට ඉන්න නිල් නයනියේ

කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැලි ආදරේ අබිමන්

සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
පවනේ සැඟවී අපි යන්නෙ නෑ
මෙලොවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ
ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ

හිනැහෙන්නේ මං... //

කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැලි ආදරේ අබිමන්

හිනැහෙන්නේ මං... //


ගායනය, සංගීතය - රනිදු ලංකාගේ
ගී පද - බන්දුල නානායක්කාරවසම්


Comments