සුපුන් සඳක් නැගීලා - මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක | Supun sandak nageela - Milton Perera, Sujatha Aththanayaka



සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී කඳක් ගලාලා
පළිඟු පුළින තලාවේ //
සුපුන් සඳක් නැගීලා

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ //

සුපුන් සඳක් නැගීලා...

නලවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
දිවි රස තාලයටයි
එම රළ රඟන්නේ //

සුපුන් සඳක් නැගීලා...//


ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගී පද - නිහාල් ඒ. ජයසිංහ
නිහාල් ඒ. ජයසිංහ අධ්‍යක්ෂණය කල ‘සිහින හතක් - 1966‘ චිත්‍රපටියෙන්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Roshan Jayakody

Comments

  1. රිදී ගඟක් ගලාලා

    ගී රස තාලයටයි
    පෙම් රළ රඟන්නේ

    සිහින සතක් චිත්‍රපටයේ එන මුල් ගායනයේ අන්තරා පද පෙල මෙසේයි:
    නලවන තුරුල්ලටයි
    රළ පෙළ ඇදෙන්නේ
    සුව දෙන කැදැල්ලටයි
    අත් තටු සලන්නේ

    ආදර දියඹ යටයි
    මිණි මුතු දිලෙන්නේ
    ගී රස තාලයටයි
    පෙම් රළ රඟන්නේ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...