සිත පරව ගියා - චන්දන ලියනආරච්චි | Sitha Parawa giya - Chandana Liyanarachchi


සිත පරව ගියා
වත මිලින වුණා
කඳුළින් දෑස තෙමා
ඔබ හඳුනාගනු කෙලෙසේ //

මොහොතක මා සිත පිනවයි
යළි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතු දේ නොම වේ පැතුම් මැවේ

සිත පරව ගියා...

වසන්තයක් යළි ඒදෝ
කතරක මා තනි වේදෝ
ම සිත සොරාගෙන වෙන් වී නොයන්න
දුකෙහි සැපෙහි මා ඉන්නම්

සිත පරව ගියා... ///

ඔබ හඳුනාගනු කෙලෙසේ ///


ගායනය - චන්දන ලියනආරච්චි
සංගීතය, ගී පද - නිහාල් ගම්හේවා



Comments