පිරුණා හද සන්තානේ - හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක | Piruna hada santhane - Haroon Lanthra - Sujatha Attanayaka



පිරුණා හද සන්තානේ
පිපුණ දෑ සමන් මල් යානේ
පිපුණ දෑ සමන් මල් යානේ
මැවුණා සුබ සිහිනේ ඕ...
මැවුණා සුබ සිහිනේ

සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ ඕ...
සීතල සුළඟේ පණිවුඩ ආයේ
කෝකිල රජ දහනේ
අප නොඉඳුල් පෙම දැක නේද කුමරුණි
තුරුහිස මල් පිපුණේ ඕ..
තුරුහිස මල් පිපුණේ

වීනාවයි එලිපත වාගේ
එක ඉත්තේ මල් දෙක වාගේ
නැලවෙන්නේ මා ඔබ තුරුලේ
සිට පොඩි කාලේ
මධුරාවී තී හමුවේදී
උපමා නැත මට රස පානේ
මෙ ලිය ගොමු අපගේ ප්‍රේම විමනයි
බොමු අපි ජය පානේ
පෙම් ලොව බොමු අපි ජය පානේ

පිරුණා හද සන්තානේ...

ඉඳී ගයනු මැන පෙම් ගීතේ
ලියාන යයි අප සංගීතේ
සංගීතේ ඔබගේ නයනාරූපේ ඕ...
සංගීතේ ඔබගේ නයනාරූපේ ඕ...
ජීවන ගීයේ ඕ...
ජීවන ගීයේ

පිරුණා හද සන්තානේ... //


ගායනය - හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක
සංගීතය - එම්. කේ. රොක්සාමි
ගී පද - බෙනඩික්ට් ප්‍රනාන්දු



Comments

  1. Need lyrics of "Kahawan goyamata " Thanks for your work.

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/watch?v=KZlWggmdLPE

      you mean this one? it's an awesome song! will write the lyrics machan!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...