පෙම් ලොව නින්දෙදි - එම්.එස්. ප්‍රනාන්දු | Pem lowa nindedi - M.S. Fernando


පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

බඳ නලවාලා උකුල සලාලා
මුව විදහාලා මුකුළු නගාලා
රන්දාලා අන්දාලා
නාරි ලතා ලීලා
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

මල් සරා අසු අරා
එයි නුරා හී දරා
රස දහරා රළ පීරා
ආදරේ තෝරා
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ


ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
ගී පද - කරුණාරත්න අබේසේකර


Comments

  1. මේ ගීතය සංගීතා චිත්‍රපටයේ එන ගීතයක්.. සරත් දසනායක තමයි එහි සංගීතය අධ්‍යක්ෂණයක කළේ.. සිංහල සිනමාවේ සුන්දරතම ගීත එකතුව තිබෙන සිනමාපටය..
    ඔබෙ සැප මගෙ සතුටයි
    ලෝකයේ වෙනස් වුණේ
    ඉර හඳ වැඳලා
    සල් සපු නා
    මී පිරුණු සුවඳ මල් වනේ

    ඇතුළු අපූරු ගීත එකතුවක් එහි තිබුණා.

    ReplyDelete
    Replies
    1. එතකොට පී.එල්.ඒ. සෝමපාල නෙවෙයිද මේ සින්දුවෙ සංගීතෙ කලේ?

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...