මේ අත් භවේ පුරා - ප්‍රියා සූරියසේන | Me ath bhawe pura - Priya Sooriyasena


මේ අත් භවේ පුරා
ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා

රහසින් කියන්නත් බෑ ළඳේ
දෑසින් කියන්නත් බෑ ළඳේ
ඉඟියෙන් කියන්නත් බෑ ළඳේ
ලොව මිනිසුන් බලා හිඳී

ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා

අහසේ අඳින්නත් බෑ ළඳේ
පොළවෙහි ලියන්නත් බෑ ළඳේ
හඬගා කියන්නත් බෑ ළඳේ
අසරණ වී ඔහේ ඉමු
අසරණ වී ඔහේ ඉමු ඒ නිසා

මේ අත් භවේ පුරා
ජීවත් වෙනා තුරා
කිසිදාක හමුවෙන්න බැරිවේ
මේ අත්භවේ පුරා
ජීවත් වෙනා තුරා


ගායනය - ප්‍රියා සූරියසේන



Comments