කඳුලින්ම ගැයූ - නුවන් ගුණවර්ධන | Kandulinma gayu - Nuwan Gunawardana


කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ ඔබ කොයි ගියාදෝ

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ


ගායනය - නුවන් ගුණවර්ධන
සංගීතය - සරත් ද අල්විස්
පද - අජන්තා රණසිංහ




වීඩියෝව - SingingNET Vibes

Comments

  1. මෙය සරත් දසනායකයන්ගේ තනුවක් නොවේ. එහි තනුවේ හිමිකරු ප්‍යාරේලාල් ශර්මා ජී (තවමත් ජීවත් වන ලක්ෂ්මීකාන්ත් - ප්‍යාරේලාල් යුගලයේ සංගීතඥයා)ය.
    1965 දී තිරගත වූ Shreeman Funtoosh චිත්‍රපටයේ 'යේ ධර්ද් භරා අෆ්සානා' ගීතය අසන්න
    https://www.youtube.com/watch?v=7YFQHa-a0b0
    --
    නුවන් ගුණවර්ධන ගැයූ මෙහි සිංහල ගීයේ සංගීත සංයෝජනය සරත් ද අල්විස් විසිනි.

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා! ඒක වෙනස් කලා.

      Delete
    2. හරේ, ඒක වෙනස් වෙලා නෑ. තාම ඒ විදියට ම තමා තියෙන්නෙ.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...