හදවත ඉල්ලා - ප්‍රියා සූරියසේන | Hadavatha Illa - Priya Sooriyasena


හදවත ‍ඉල්ලානොලැබුණු විටදී
දහසක් සිතුවිලි මා හදතුල තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී

ඔය නෙතු අග රැඳී තිබූ නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී සෙනෙ‍හස කීවා

හදවත ඉල්ලා......

මතු අප උපදින භවයේ යළි හමු වේවා
ඔය නෙතු අග සිසිල රැඳී මට ළං වේවා

හදවත ඉල්ලා.....

ගායනය - ප්‍රියා සූරියසේන
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - වර්නන් පෙරේරා



වීඩියෝව - Indiketi Hewage Rohan Indika

Comments