ගයන ගැයුම් නටන නැටුම් - නෙවිල් ප්‍රනාන්දු (ලොස් කැබලරොස්) - Gayana gayum natana natum - Neville Fernando


ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම් //

නිදන ලොවෙන් දවස උදාවී
සිහින මැදින් සතුට සිනාවේ
නුරා දෙතොල් උරා එයින්
සුරා බඳුන් පුරා ගෙනේ

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්

හිරු ඇහැරී බලන වෙලාවේ
සිහින මැදින් සතුට නිමාවේ
හෙට උදයේ හිරු එලියේ
සිහින ලොවේ සැපත නිවේ

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම් //

මන්ද රැඳෙනු තවත්
මෙන්න උදය ඇවිත්
නින්ද නොලබන අන්ධ අඳුරින්
ඇන්දු විදුලිය මෙන්

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම් ////


ගායනය - නෙවිල් ප්‍රනාන්දු, ලොස් කැබලෙරොස්
සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මහගම සේකර
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'දෙලොවක් අතර' චිත්‍රපටියෙන්

Comments

  1. The original version sung by Los Cabeliros is :

    හිරු ඇහැරී බලන වෙලාවේ
    සිහින මැඳින් සතුට නිමාවේ

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකට දාල තිබුණ මුල් යූ ටියුබ් වීඩියෝව දැන් නැහැ සහෝ. අළුත් එකේ ඔය කියන තැන තියෙන්නෙත් එහෙමයි. මේ සින්දුවල වචන එක එක විධියට වෙනස් වෙලා තියෙනව මගෙ හිතේ...

      Delete
    2. Thanks...

      dear, I hardly feel the following link provides the original version. bcos, around 1975 from 8.45 to 9.00 a.m. there was "Kandayam Gee" on the Sinhala Sewaya. So, I used not to miss this time, and rhythms of all most all the instrument played in this song are still in my ears.

      http://sithuvili.com/listenmp3.php?id=2276

      BFN

      Delete
    3. You nailed it sir! It's the original one. Edited with respect!

      Delete
  2. In between May 2013 and today (14-07-14) the song had been disappeared. Could you update the link pleeease?

    ReplyDelete
  3. Oops, the issue of missing video in fact is a browser issue. But this is not the original song. Would you have the link to original, pleeeeease?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...