සඳ යාත්‍රා කළා - චන්දන ලියනආරච්චි | Sanda yaathra kala - Chandana Liyanarachchi


සඳ යාත්‍රා කළා වගෙ මතකයි
ඔබ නේත්‍රා වලින් මට පවසයි
හැම මාත්‍රාවටම සිත සැනසෙයි
අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි //

දස දහස් වරක් ඔබට සිත බැඳි
සපුරන්නට ඇති පැතුම් මල් මිටි
භවයෙන් භවයට ආ මඟ සඳ වී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී

සඳ යාත්‍රා කළා...

තව සහස් කලක් මේ දුර යන්න
සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
ඔබ මා ළද පින් ඇතිය හිතන්න
අපෙ සෙනෙහස පර මලක් නොවන්න

සඳ යාත්‍රා කළා...

ගායනය - චන්දන ලියනආරච්චි
ගී පද - චන්න ජයනාත්
සංගීතය - ජයසිරි අමරසේකර

Comments

  1. මේ සිංදුව ඇත්තටම හරි ලස්සනයි. ඔයාට බොහෝම ස්තුතියි මේක දැම්මට. =)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...