දෑස පියාගත් කල මට - ජැක්සන් ඇන්තනී | Desa Piyagath Kala Mata - Jackson Anthony - sinhala lyrics


දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ..//
කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ...
සිත සැනසුවේ.....//

අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...//
සිත කැළඹුනේ - ඇයි නොම දැනේ...
කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී..

දෑස පියාගත් කල..

රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා...//
මතකය මගේ - අවදි වුනේ..
ඒ එදා‍ය මේ මෙදාය මට සිතාගන්න නොදී...

දෑස පියාගත් කල...

ගායනය - ජැක්සන් ඇන්තනී
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන 

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...