කඩ මණ්ඩියේ දොළ අයිනේ - නන්දා මාලිනී | Kada mandiye dola aine - Nanda Malini


කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී


ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන


Comments

  1. මේ පද මලාවේ ගීතය තියෙනවනම් ඒකේ ලින්ක් එක පහලින් කමෙන්ට් කරන්න. ලොකු උදව්වක්..

    ReplyDelete
  2. මෙන්න සහෝ ලින්ක් එක..
    http://bit.ly/f8NqNP

    ReplyDelete
  3. තැන්කු රසික. සෑහෙන කාලයක් මේ ගීය හෙව්වා.

    ReplyDelete
  4. නාම්ල් අඩලමත්තJanuary 11, 2012 at 9:03 AM

    මේ ගීතයේ පද සුනිල් ආරියරත්නගේ සංගීතය එච්.එම්.ජයවර්ධනගේ

    ReplyDelete
    Replies
    1. නාමල් කියන කතාව ඇත්ත.. අපේ විරහ ගීත කලාවේ ප්‍රධානම ගීයක්.. පද රචනාව සංගීතය නිවැරැදි කරන්න..

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...